Monday, 15 March 2021

අම්මේ මට සමාවෙන්නෙ (කෙටි කතාවකි)


අම්මේ හෙට මට රුපියල් 3000ක් ඔනේ 

ඒ මොකටද පොඩි ඒ

මොන මගුලක්ද යකෝ මම ඉගෙන ගන්නත් ඔනේ ,සල්ලි ඉල්ලුවාම ඒවාට හෙතු කියන්නත් ඔනේ 

දෙන්න බැරිනම් නිකම් ඉන්න මට ඔනේ නැහැ 


අනේ දොනි මම ඇහුවේ එච්චර ගානක් මොකටද් කියලානේ .ඔයා දන්නවානේ දොනි රුපියල් 3000ක් හොයන්න මම 8-5 වෙනකම් ලනු අබරලා තමා මට රුපියල් 1500යක් අතට එන්නේ එකෙනුත් දොනි මම ඔයාට දවසට 1000හ ගනේ දෙනවනේ ඉතුරු එකෙන් තම මම අපි දෙන්නට කන්න හදන්නේ.ඔයා පංති ගියාම උදේටයි දවල්ටයි මම කන්න මුකුත් හදන්නෙර් නැතුව ගෙදර ආවාම රැට ඔයාට කන්න මසක් මාලුවක් ගෙනවා මගේ දොනිට කටට රසට කන්න දෙන්න නිසා

දවසට රුපියල් 3000ක් හොයන්නනම් දොනි මට අද උදේ 8ට වැඩට ගිහින් අයේ එන්න වෙන්නෙ හෙට හවස පහාට දොනි කොහොමද තනියම ගෙදර ඉන්නේ දොනි කන්නෙ කොහොමද හම්බ කරන හැම සතේම මම දෙන්නේ දොනිටනේ මේ හැමදේම මම කරන්නේ දෝනි වෙනුවෙන්නේ 


අපෝ ඇති ඇති මල අඩියාව රෙද්ද ඔච්චර කියවන්න ඔනේද ඔකට.මට කොහෙන් හරි සල්ලි ඔනේ ඔයාට මගේ දෙවල් කරන්න සල්ලි දෙන්න බැරිනම් කියන්න මම ඉගෙන ගන්න එක නවත්තලා රස්සාවක් කරන්න යන්නම්


මගේ දොනි ඉගෙන ගන්න ඔනේ දොනි කොහොම හරි කැම්පස් ගිහින් ස්කෝල හාමිනේ කෙනෙක් වෙන්නම ඔනේ.


මම යනවා කාලාස් යන්න ලැස්ති වෙන්න මට ගිහින් කන්න් පුලුවන් මට රෑට කන්න් කෑම එකක් අරන් එන්නම් මම ඔයා අද රෑ වැඩ කරලා හරි මට 3000ක් ඔනේ.

මම හෙට උදෙනෙන්නම් 3000හා අරන් යන්න ඔයාට කන්න් කාගෙන් හරි ඉල්ල ගම්ම මොකද 3000හෙන් කන්න 500යක් ගත්තෝත් මට සල්ලි මදි වෙනවා ඔයා එන්නේ හෙටත් වැඩ කරලා හවසටනේ ඒ නිසා මම උදෙට මඩුවට එන්නම් මට සල්ලි දෙන්න ඔන්න ඔයා අදයි හෙටයි කාගෙන් හරි ඉල්ලන් කනවා මිසක් අද පඩි සල්ලි වලින්වත් හෙට දෙන්නම්.කියලා කාගෙන් හරි ඉල්ලන්වත් කන්න එපා මොකද උදේට මට 3000හා ඔනේ හවසට මට 1000 ඔනේ එච්චරයි


මම මල්ශා අනුරාධී යාලුවෝ මට කියුවේ අනු කියලා .මගේ තාත්තා නැහැ තාත්තා අම්මාව දාලා ගිහින් තියෙන්නෙ මම හම්බේන්න ඉද්දි මම බඩට ආවාම තාත්තා කැමති වෙලා නැහැ මම මේ ලොකේට එනවාට එයාට දැන්ම වගකීම් දරන්න බැහැ කියලා එත් අම්මා එකට කැමති වෙලා නැහැ ඒ නිසා තාත්තා අම්මාව දාලා ගිහින් හිතු මතේට කසාද බැන්දා කියලා අම්මාගේ දෙමොපියනුත් අම්මාව අත ඇරලා අන්තිමට අම්මා මාත් බඩේ තියාන් තනි වෙලා . අම්මාගේ අතේ තිබ්බිලා තියන සල්ලි වලින් අම්ම පර්ච්ස 3ක්වත් නැති මේ පුංචි ඉඩම අරගෙන රතු ගල් වලින් හදපු කාමර දෙකත් පොඩි සාලේත් තහාඩු වලින් හදපු කුස්සියත් විතරයි අපේ ගෙදර තියෙන්නෙ අම්මා කලින් වලවු ගෙදරක උයන්න ගියේ එක අම්මාට නිදහාස් නිසා අම්මා හැමදාම එකට ගියා කිවුවේ 500යක මුදලක් ලැබුනාත් අම්මාට දවසට පැය දෙකයි වැඩ තිබිලා තියෙන්නේ අම්මා ඉක්මනින් ගිහින් උයලා 500යේන් අපිටත් උයන්න බඩු ගෙනත් මම පාසාල් ගිහින් එන්නත් කලින් අම්මා උයලාත් තිබ්බා මම ගෙදර ඉන්න හැම වෙල්ම අම්මා ගෙදර හිටියා.

ඒ දවස් වල ඉදන් ලනු අබරන රස්සාව තිබ්බත් අම්මා එකට යන්නේ නැතුව වලවුවේඋයන්න ගියේ අම්මාගේ වකුගඩුවක් අයින් කරලා නිසා අම්මාට ගොඩක් මහන්සි වෙන්න හොද නැති නිසාත් අම්මාට මම එක්ක ඉන්න පුලුවන් නිසාත් ඉතින් මම ඉස්සර අම්මා එක්ක ගොඩක් සතුටින් හිටියා 

එත් මට ටික ටික වයස යනකෝට තමා තෙරුනෙ සල්ලි තමා ජිවිතේ කියලා අනික මට ස්කූල් ඇදුන් 2ඉ තිබ්බෙ සපත්තු කුට්ටමාක් අලුට්ගෙන් ගත්තාම එකාත් අවුරුදු 2ක් දැම්මා බෑග් එකක් අවුරුදු 3ක් අරන් ගියා.මම ලොකු ලමයේක් උනේ අවුරුදු 16යෙන් යාලුවෝ මට විහිලු කරා කන්න නැද්ද කොහෙද පොශනයක් නැති නිසා තමා තාම ලොකු ලමයේක් වෙලා නැත්තේ. අනික ලොකු ලනයේක් වෙලා ස්කුල් එද්දි හැම ලමයාම කැම ජාති කොච්චර ගේනාවාද මෙයා හිගනියක්ද කොහෙද .කිය කිය එදා ඉදන් තමා මට පෝශ් වෙන්න ඔනේ උනේ

මම එදා ගෙදර ඇවිත් අම්මා එක්ක රන්ඩු කරා මට ඔනේ දේවල් දෙන්න බැරිනම් මාව මරලා දාන්න්න තිබුනානේ මට මෙහෙම හිගන්නේක් වගේ ජිවත් වෙන්න බැහැ ගගා මම අම්මා එක්ක රන්ඩු කරා අන්තිමට අම්මාගේ දැඩි අකමැත්ත මත මම අම්මාට බල කරා ලනු අබරන එකට යන්න කියලා මට අම්මාගේ අසනිපේ ගැන ගානක් උනේ නැහැ මට ඔනේ උනේ සල්ලි 


අම්මා එහේ වැඩට ගිය මුල් කාලේ මම සුදු ඇදුම් 10ක් මහා ගත්තා සපත්තු කුට්ටම් 5ක් ගත්තා අලුත් බෑග් බෝතල් හැමදේම ගත්තා ඒ විතරක් නෙවෙයි විවේක කාලයට යාලුවාන්ට කන්න අරන් දුනේත් මම මගේ යලුවෝන්ගේන් 5ස්  දෙනෙක්ගේම අම්මායි තාත්තායො දෙන්නාම වැඩට යනවා එගොල්ලෝන්ට මාසික අදායම රුපියල් 100000යක් පැනලාහම්බේනවාලු ඒගිල්ලෝන්ට මම මවා පෙන්නුවේ මම ඒගොල්ලෝන්ට වඩා සල්ලි කාරායි කියාලා එයාලා හිතුවේත් එහෙම කොහොම හරි ඔලේවල් විභාගය ඉවර උනාට පස්සේ මගේ යාලුවෝ සේට් එක කෝස් එකක් කරා මාත් එකට ගියා එකේ නොතේරේන දෙවල් කතා කරන්න අපි ගෘප් එකක හැදුවා මුලින් mSg වලින් කතා කරපු නොතේරන දෙවල් විඩියෝ කෝල් අරම් කතා කරන්න ගත්තා මම අම්මාට කෑ ගහාලා කොහොම හරි මගේ කාමරේ කපරාදු කරලා ටයිල් අල්ලලා සුදු හුනු ගා ගත්තා අම්මා එ දෙවල් කරන්න සල්ලි හියාගෙන තිබ්බේ නයට ඒ නය ගෙවන්න අම්මා සති ගානක් රෑත් වැඩ කරා එත් මට අම්මා ගැන දුකක් දැනුනේ නැහැ .

ඉටපසේ කොහෙම හරි මම අම්මාට කියලා ලස්සන ඇදක් පොත් මේසයක් කබඩ් එකක් සල්ලි කාර කාමරයක තියන හැමදේම මම මගේ කාමරේට අර ගත්තා පස් විතරක් තියන සාලේක අම්මාගේ කාමරේත් තිබ්බේ පස් විතරයි අම්මා නිදා ගත්තේත් පැදුරක එත් මම සල්ලි කාර විදියට කාමරේ ජිවත් උනා වෙලාවකට විඩියෝ කෝල් ගත්තේ මම වැරදිලා වගේ කාමරේ වටේ පෙන්නනේ මගේ අඩම්බර මුනින්. අම්මා මේ හැමදේට වෙච්ච නය පියෙවුවාට පස්සේ අම්මා මහන්සි වෙලා හම්බ කරන පඩියේන් මම දවසට 1000ක් ගත්තා අම්මාට 500යයි මම මගේ සල්ලි වලින් අත දිග ඇරල වියදම් කරා එනඑන පැශන් එකේන් ඇදුම් ගත්තා එත් අම්මාට තිබ්බේ දිරන්න ඔන්න මෙන්න තිබ්බ චිත්ත දෙකකුයි හැට්ට දෙකකුයි විතරයි .

දැන් මාස 2කට කලින් මට මගේ ඉරනම් කාරයා හම්බ උනා නගරේ ප්‍රසිද්ධ ගාමට් එකක අයිති කාරයාගෙර් පුතා අභිලාශ් දෙනුවන් පතිරාජ එයා තමා මගෙ පෙම්වතා එයා එක්ක එහේ මේහෙ යන්න තමා මම මේටිකේසල්ලි වියදම් කරන්නෙ හෙටත් අම්මාගෙන් 3000ක් ඉල්ලුවේ එයාට සර්ට් එකක් අරන් දෙන්න්න.


ඔහොම ටික කාලයක් ගෙවුනා මට දවසට හම්බෙන 1000හා මදි උනා මම අම්මාගේන් දවසට 3000හා ගානේ ඉලුවා අම්මා හිතුවේ මම ඒ සල්ලි ඉල්ලනේ ඉගෙන ගන්න වැඩ වලට කියලා එත් මම class තියා ස්කූල් ගියේත් නැහැ දැන් මාසේකින් විතර මම අම්මාගෙන් දවස ගනේ 3000 ගානේ ඉල්ලද්දි අම්මා ගෙදර ආවේ නැති තරම් එයා කනවාද කියලා මට ගානක් තිබ්බේ නැහැ මම හැමදාම හිටියේ දෙනුවන් එක්ක ඔහෝම් දෙනුවන් එක්ක එහේ මේහේ රස්තියාදු ගහාපු මම අන්තිමට අම්මාත් ගෙදර නැති නිසා රෑටත් ක්ලාබ් යන්න පටන් ගත්තා.

මේ තමා ජිවිතේ කියලා මම හිතුවේ කලින් ජිවිතේ ඔහේ ගෙවලා දැන්මේ අපරාදේ කියලා මම හිතුවා.

මම දෙනුවනගේ ආදරේන් අන්ද වෙද්දි මගේ හැමදේම දෙනුවන්ට මම දුන්නාත් මට ගාන්ක් තිබ්බේ නැහැ මම දැන් දවස් 5ක් තිස්සේ මේ හොටේල් එකේ අතේ සල්ලිත් නැහැ අම්මාගේන් අද සල්ලි ඉල්ල ගන්න යන්න ඔනේ කියලා හිතලා ලෑස්ති වෙද්දි දෙනුවාන් මට කියුවේ එයාට මම නැතුව ඉන්න බැහැ මට කොහෙවත් යන්න එපා කියලා

මම දෙනුවාන්ට අතේ සල්ලි නැහැ මම බැංකුවට ගිහින් එන්නම් කියුවාම් ඔයාට මොකටද සල්ලි ඔනේ හැමදේම මම අරන් දෙන්නම් ඔයා ඉන්න කියුවා මටත් ඉතින් දෙනුවන්ගෙන් මිදිලා යන්න අශාවක් තිබේ නැහැ මමත් එයා ලග ඉන්න ගොඩක් අසා කරා. අම්මා මොනවා කරනවා ඇදද මට හිතුනේවත් නැහැ අඩුම මතක් උනේවත් නැහැ  .මාසයාක් තිස්සේ දෙනුවන්ගේ ඔනේ එපාකම් ඉටු කරපු මට දෙනුවන් නැතුව ඉන්නම බැරි උනා.

කොම හරි මාසයක් වගේ කාලයක් ගියාට පස්සේහැමදාම උදේට දෙනුවන් මගේ ලගට වෙලා සුරංගනා කතා කියලා කූල් ඩිරින්ක් එකක් මාත් එක්කම බොනව එක බිවුවාට පස්සේ හැමදාම මම ඇහැරෙන්නේ හවසට එතකෝට මගේ ඇගට දැනෙන්නේ පුදුම අපහසුවක් මට මේ ගැම සැකයක් ඇති වුනා.

දවසක් උදේ බිම එක බොන්න යද්දිම දෙනුවන්ට කෝල් එකක් ආව නිසා එයා එලියට ගිය ටිකේ මම බීම එක හලලා එක බිවුවා වගේ ඉදලා ටිකකින් සිහිය නැති උනා වගේ හිටියා මගේ ලගට ආව දෙනුවන් මට සිහිය නැද්ද කියලා බලලා කාමරේන් එලියට ගියා ඉටපස්සේ ටිකකින් අයේ අවේ තවත් පිරිමි අය 3න් දෙනෙක්ගේ විතර කටහඬවල් මට ඇහෙද්දි මම ගොඩක් බය උනා එත් මට ඇස් දෙක අරින්න බය හිතුනා.

මට ඒ ඇහුන දේන් මගේ පපුව එක ලග නතර උනා වගේ උනා.

දෙනුවන් මට බීම එකට හැමදාම සිහිය නැති වෙන්න පෙති දාලා මව මිනිස්සුන්ට විකුනලා ඒ විතරක් නෙවෙයි දෙනුවන් ඒ විකුනන මිනිස්සුන්ටත් හොරෙන් එවා විඩියෝ කරලා ඒ විඩියෝ අන්තර්ජාලයට දාලා සල්ලි හොයනවා මේක මම දැන ගත්ත දවසට මාව මරනවාලු.

අද ඇවිත් තියේන්නේ විඩියෝ සිසිටම එක හදන අය කැමරා මදි නිසා අද මාව ගන්න කවුරු හරි එන්න්  කලින් තව කැමරා 5ක් හයි කරලා.


එගෝලෝ ගියාට පස්සෙ මම අමාරුවෙන් තද කරන් හිටපු කදුලු වාන් දාන්න උනා


ටික වෙලාවකින් දොර ඇරගෙන කවුරු හරි එනවා වගේ ඇහුන නිසා මම සිහිය නැති විදියට හිටියා එ මනුසයා පැය ගානක් ඉදලා උගේ ඔන එපාකම් ඉටු අරගන්නකම් මම මැරුන මල කදක් වගේ හිටියේ මට කියලා කරන්න දෙයක් නැති වෙද්දි.


එ මනුසයා ගියාට පස්සේ දෙනුවන් ඇවිත් මට ඇදුම් අන්දලා මගේ මුනට මොනවාද ඉහලා මට කිද්දුවා මට දෙනුවන්ගේ මුන බලනන බයක් ,තරහාක් මගේ හිතේ තිබ්බත් මම වෙනසක් නොපෙන්වා හිටියා.

රෑ වෙනකම් ඉදලා දෙනුවන් ගියාට පස්සේ මගේ ජිවිතේට මේ වුන් දෙවල් කල්පනා කරද්දි තමා මට මගේ අම්මාව මතක් උනෙ මම තවත් මෙහේ රැදෙන්නේ නැතුව ආම්මාව හොයන් යන්න ගියා මම ගෙදර යද්දි අම්මා හිටියේ නැහැ මම මේ ගෙදර ආවේ මාස 2කට පස්සේ හිතට අමුත්තක් දැනුනත් මම හිතුවේ අම්මා මෝලේ ඇති කියලා මම මහා රෑම ගියේ අම්මාට වැදලා සමාව ගන්න.

එත් වෙලා තිබ්බේ මම හිනෙකින්වත් නොහිතපු දෙයක් අම්මා මාව දාල මේ ලෝකේන්ම ගිහින් අම්මා රැයක් දවාලාක් නැතුව වැඩ කරද්දි අම්මාට හැමදාම වගේ අමාරු වෙලා එත් අම්මා මම වෙනුවෙන් හිතේ දයිරයේන් වැඩ කරලා තියෙන්නේ එත් මම මාස දෙකක් නැති වෙද්දි අම්මාගේ හිතත් දුර්වල වෙලා එත් එයා මම් එයි කියලා හැමදාම වැඩ කරලා දවසක් වැඩපොලේතිම කලන්තේ දලා වැටිලා තියෙන්නේ මැරිලාමයි,අම්මා එක්ක හිටපු මිනිස්සු මට ශාප කලා මම අම්මාව මරා ගත්තා කියල්ලා.පහු ගිය කාලේ අම්මා හම්බ කරපු හැම සතේම මම ගත්දි අම්ම සමාර දවස් වලට වේල් තුනම බඩිකිනේ ඉදලා එ විතරක් නෙවෙයි මගේ වකුගඩුවක්.පොඩි කාලේම නරක් වෙලා ඒක අයින් කරලා මගේ අම්මා තමා මට වකුගඩුවක් දිලා තියෙන්නේ මම ඇඩුවා කෑගහාලා ඇඩුවා එත් මගේ කදුලු අම්මාට ඇහුනේ නැහැ අම්මා මාව දාලා යන්නම ගිහින් .මම අම්මා කරපු වෙනස් කම එකින් එක මතක් වෙද්දි මට මම ගැනම කලකිරුනා එත් මට සමාව ගන්නවත් මගේ අම්මා අද මම ලග නැහැ මම පිස්සුවෙන් වගේ පාර දිගේ ඔහේ ඇවිදගෙන ගියා පැය ගානක් ඇවිදන් ගියා මම කොච්චර දුර පයින් ගියාද මම දන්නේ නැහැ .මම දැක්කේ මගේ ඉස්සරහාට එන දෙනුවන්ගේ වහනය විතරයි .

ඔව් දෙනුවන් මාව අයෙ එක්කන් ගිහින් මාව වහාලියක් වගේ හිර කරගත්තා.

මම මගේ අම්මාට කරපු වැරදි වලට මේක තමා දඩුවම මම මේ දඩුවමේන් මිදෙන්න මගේ ජිවිතේ නැති කරගත්තෝත් මම කරපු පවු වැඩ මදිවාට එකාත් පවු වැඩට එකතු වෙන නිසා මම මගේ ජිවිතේ නැති කරගත්තේ නැහැ .මම මගේ අමාට කරපු වැරදි වලට දඩුවමක් විදියට මේ කාල කන්නි ජිවිතේ ගෙවුවා.

අවුරුදු 5කට විතර පස්සෙ බීපු බිම එක ඉවර වෙනවාත් එක්කම මට සිහිය නැතිව වැටුනා මම දැක්කා ඇතින් අම්මා මට අත වනනවා මම දුවලා ගියා අම්මා ලගට. එත් මම යන්ම යද්දි දැක්කේ මම මැරිලා කියලා ටිවි එකේ පෙන්නනවා දෙනුවන් මාව මරලා එයාට ඔන හැමදේම උනාට පස්සේ එයා මාව මරලා එයා වෙන කෙනෙකව හොයාගන්න යන්න්න් ඇති.

මම  මේ කාල කන්නි ජිවිතේට සමුදිලා ඇතින් පේන අම්මා ගාවට ගියේ ගොඩක් අදරේන්


නිමි


අදහාස් කියන් යන්න

No comments:

Post a Comment

🌷🌷මහිමා🌷🌷

මහිමා..... කෙල්ලේ මෙහේට වර ඉක්මනින්  ඇයි අම්මා  කෙල්ලේ උබ අතේ තියේනම් මට රුපියල් 100ක් දියන් මොකටද අම්මා මේ හදිසියේ රුපියල් සියක් ඉන්න මම අර...