Tuesday, 16 March 2021

🌷🌷මහිමා🌷🌷

මහිමා..... කෙල්ලේ මෙහේට වර

ඉක්මනින් 


ඇයි අම්මා 


කෙල්ලේ උබ අතේ තියේනම් මට රුපියල් 100ක් දියන්


මොකටද අම්මා මේ හදිසියේ රුපියල් සියක් ඉන්න මම අරන් එන්නම්.


ආ අම්මා . අනේ දෙවියනේ ඇයි අම්මා මේ අත පිච්චිලා 


උබ කඩයප්පන් දන්න ගිය වෙලේ තාත්තා මගෙන් රුපියල් සියක් ඉල්ලුවා දුවේ, ඇත්තටම මගේ අතේ දෙන්න සල්ලි තිබ්බේ නැහැ, මම සල්ලි නැහැ කියුවාම නිදාගෙන ඉන්න පොඩි එකිගේ කකුල පුච්චන්න ගියා   ගිනිපෙරෙල්ලක් අරන් මම කොච්චර නවත්වන්න හැදුවත් තාත්තා නංගි  ලගටම ගියා දුවේ ,නංගිව පුච්චන්න කලින් මම මගේ අත් දෙක ඇල්ලුවා එත් එකම අර බේබදු හැත්ත ඇවිත් මොකක්ද හදිස්සියක් කියලා කතා කරාලා ඔය ගියේ ,අයේ එද්දි රුපියල් 100යක් හොයලා තිබ්බේ නැතිනම් නංගිව පුච්චනවා කියුවා  දුවේ.


ඇයි අම්මේ අපිටම මෙහෙම වෙන්නේ ,අපි හැමෝම එකතු වෙලා ගිය අත්මේ ලොකු පවක් කරන්න ඇති එකයි අපි මේ අත්මේ මේ තරම් විදවන්නේ



අනේ මන්දා දු මට තෙරෙන්නේ නැහැ මට බය දු ගැන උබ දැන් ඇහැට කනට පෙන එකි කොහෙද අර කාලකණ්ණි මිනිහාට කිසි ගනක් නැහැනේ හැමදාම අර බේබදු හැත්තව මෙක ඇතුලේ දාන් බිගේන දගලනවා මොනවා හරි උනොත් මම කියලා මොනවා කරන්නද දෙයියනේ මට තෙරෙන්නේ නැහැ .


අනේ මන්දා අම්මා රස්සාවක් කරන්නේත් නැහැ .අපිට බඩකින්නේ හරි සැනසිමේ ඉන්නත් නැහැ . අම්මා මහන්සි වෙලා හම්බකරන එකත් සුරගෙන ගිහින් බොන්න බලන් ඉන්නේ ඇත්තමයි අම්මා මටනම් දැන් එපා වෙලා තියෙන්නෙ 


අපේ කරුමේ දුවේ


දුව කැමති නැද්ද මෙහෙන් කොහෙට හරි යන්න


කොහෙද අම්මා


අර අඹ ගහා කඩේ මුදලාලිගේ නංගි කෙනෙක් ඉන්නවාලු කඩවත එයත් කඩයක්ලු කරන්නේ මුදලාලි ඇහුවා උබව එහේයවන්න මාසේට රුපියල් 20000ක් දෙන්ම් කිවුවා උබට කන්න බොන්න ඉන්න හිටින්නත් දෙන්න්ම් කියුවා


අම්මේ කඩවත කියන්නේ කොහෙද ගොඩක් දුරයිද


ඔව් කෙල්ලේ මතර ටවුන් එක්කේ ඉදන් කිලෝමීටර් 190ක් විතර මගේ හිතේ


අනේ මම කොහොමද අම්මේ අම්මයි නංගි නැතුව ඉන්නේ.


උබවත් මේ නරාවලේන් ගැලවියන් කෙල්ලේ නංගි මමයි කොහොම හරි ජිවත් වෙන්නම් 


මොනවාද යකෝ උබල කුටු කුටු ගාන්නේ මව මරන්නද යකෝ කුමන්ත්‍රණ කරන්නේ


නැහැ තාත්තේ


මෙකයි අපේ මහත්තයා අඹ ගහා කඩේ මුදලාලි ඉන්නේ එයා ලොකු කෙලිට රස්ස්වක් හොයලා 


පඩිය කියද යකෝ


අනේ මෙහෙමත් තාත්තා කෙනෙක් රස්සාව මොකක්ද , කොහෙද ,එ මුකුත් එයාට දැන ගන්න ඔනේ නැහැ පඩිය විතරයි .මම හිතුවා මිස කියන්න ගියේ නැත ,


අම්මා ගන කියයි කියලා මම ඉක්මනින් වෙන ගනක් කියන්න යනකොටම


රුපියල් 10000ක් අපේ මහත්තයා 


අම්මාත් තාත්තාගේ හැටි දන්න නිසා ගාන අඩු කරලා කියන්නට ඇත.


කවදා ඉදලාද එන්න කියුවේ 


මුදලාලිට පනිවිඩේ කියලා විස්තර අහන්න ඔනේ.


මොකද යකෝ තව පරක්කු කරන්නේ ඉක්මනින් යමන් ගිහින් කෙල්ලව අදම යවපන්.


මට බැ තාත්තා මට බෑ


මොකක්ද යකෝ තෝ කියුවේ


අනේ මගේ කොන්ඩේ අත අරින්න තාත්තේ එක මෙහේ නෙවෙයි තියෙන්නෙ කඩවත මම කොහොමද අම්මා නැතුව ඉන්නේ මට බැහැ තාත්තේ මට බැහැ 


මට වැඩක් නැහැ යකෝ කොහේ උනත් උබ අනිවාර්යයෙන් මේකට යන්න ඔනේ ඒ වගේම උබ හැම මාසේම රුපියල් 5000ක් මට එවන්න ඔනේ උබ එව්වේ නැති උනොත් උබේ මහා ගැනිවයි පොඩි එකිවයි මරලා උබවත් හොයන් ඇවිත් මරලා දනවා දැන ගනින් මගේ හැටි


උබ මොකද ගැනියේ තාම බලන් ඉන්නේ ගිහින් මුදලාලි හම්බවෙලා වරේන් 

ආ නැහැ ඔහොම හිටහාන යන් මත් එක්කම මට උබව විස්වාස නැහැ .


උබ මොකද තවම අඩ අඩ ඉන්නේ යමන් කමරයට ගිහින් උබේ ඇදුන්  ලැස්ති කරන් යන්න ලැස්ති වෙයන් උබ මම එද්දි ලැස්ති වෙලා හිටියේ නැත්නම් උබේ ඔය දිග කොන්ඩේ බෙල්ල වටේට කපා ගන්න ලැස්ති වෙලා ඉදපන්


අම්මයි,තාත්තායී ඈතටම යනකම් මම පිලිකන්න ලග ඉදම් අඩා වැටුනා පමනි 


අක්කි අක්කී

ඉක්මනින් ලැස්ති වෙන්න නැත්නම තාත්තා ඔයාට ගහයි


පවු මගේ පොඩි නංගි තාත්තා ගැන හොදින් දන්නා නිසා මට කරදරයක් වේයැයි බයට ඇයගේද ඇස් දෙකේ කදුලු පිරීලා


නංගි එක්කගේන කාමරයේට ගිය මම මගේ ඇදුන් දෙක තුන බෑග් එකකට දාගෙන නා ගන්නේම නැතුව ඇදුමක් ඇගට දා ගත්තේ .

නාගන්නවත් හිතට කිසි සැනසීමක්.නොදැනුන නිසාය


හිතම මහා මුසල අරමුනකින් වෙලාගෙන වගේ අමුතු තනි කමක් පලුවක් හිතට දැනෙන්නේ මම මොනවා කරන්නද මට තෙරෙන්නේ නැහැ එත් මම එකක් දන්නවා මට දැන් අනිවාර්යයෙන් යන්න වෙනවා


නංගියෝ මෙහෙ එන්නකෝ

මගේ හොද නංගි වගේ හැමදාම පරිස්සමෙන් ඉන්න ඔනේ අම්මාවත් හොදට බලා ගන්න ඔනේ

මම දන්නේ නැහැ අක්කාට අයේ කවදා එන්න පුලුවන් වෙයිද කියලා මම හැම මසේම ඔයාලාට සල්ලි එවන්නම් මගේ නංගි මොන්ඩිසුරි ගිහින් ඉක්මනට ලොකු වෙලා ලොකු ඉස්කෝලේ යන්න ඔනේ හොදට ඉගෙන ගන්න ඔනේ අම්මාව බලා ගන්න ඔනේ හොදද


මට බැහැ මට බැහැ ...මාව දාලා යන්න එපා මාව දාලා යන්න එපා

හී....හී....හී.....හියි.......


අඩන්න එපා රත්තරනේ අක්කිට යන්නම වෙනවානේ .අන්න අම්මලා එනවා දැන් කදූලු පිහදා ගන්න


මොකද අම්මා උනේ . ඇයි අර තාත්තා අයේ යන්නේ


දුවව හෙට උදේම එවන්න කියුවාදු ඒ නෝනා කඩවත බස් හොල්ඩ් එක ලගට එන්නම් කියුවා.තාත්තා ඔය ගියේ අර බේබද්දෝ එක උජාරවවේන් කියවන්න එයාට ලබන මසේ ඉදන් කසිප්පු බොන්න ඔනේ නැහැ හොද අරක්කු බොන්න පුලුවන් ගහ ලැජ්ජ නැතුව මුදලාලි එක්කත් කියුවානේ අනේ මන්දා මොනවගේ තාත්තේක්ද කියලා ඒ


බය වෙන්න එපා කෙල්ලේ උබට කවදාවත් වරදින්නේ නැහැ .


මම කියලා මොන කරන්නද මොනවා කියන්නද මම කරේ අම්මාව බදාගේන අඩපු එක විතරයි 


මම මහිමා සමන්මලි . වයස අවුරුදු 20යි මගේ නංගිට වයස අවුරුදු 5යි එ මට පස්සේ අම්මාට හම්බුන දුව උනාට මට පස්සේ හම්බේන්න හිටපු බබලා 6 දෙනෙක්ම අම්මාගේ බඩේදි නැති වෙලා ඒ තාත්තාගේ හිරිහැර කරදර නිසා නංගි ලැබෙන්න කලින් අම්මාගේ බඩේ හිටපු බබා නැති උන දවස මට අද වගේ මතකයි එතකොට මට අවුරුදු  9 ක් විතර ඇති තාත්තා අම්මාව තල්ලු කරලා ගහාලා ගහලා බඩටත් පහින් ගහලා ගියා මම බයේ මෙසේ යට හැන්ගිලා හිටියාට ඔක්කෝම දැක්කා තාත්තා ගියාට පස්සේ අම්මා ලගට ගියපු මම දුවගෙන යද්දි දැක්කේ අම්මා ලේ විලක්.මැද වැටිලා ඉන්නවා මගේ කෑ ගැහිල්ලට වටේ අය එකතු වෙලා අම්මාද ඉස්පිරිතාලෙ අරන් ගියා මම හිතුවේ අම්ම මැරිලා කියලා.

අම්මාට එක වෙලා ගොඩ කාලෙකින් අයේ බබාලා හම්බුනේ නැහැ අවුරුදු 5කට පස්සේ වගේ තමා නංගි හම්බෙන්න හිටියේ නංගි හම්බෙන්න ඉද්දි තාත්තා අම්මාට ගැහුවේ නැහැ එ එයාව පොලිසිය බය කරලා තිබේ මේ බබත් නැති උනොත් තාත්තාව හිරේ දානව කියලා තාත්තා අම්මාට ගැහුවේ නැති උනාට හැමදාම අම්මගේ අත පිට කකුල් පුච්ච පුච්ච අම්මට කරදර කරා.

මම කරේ බයේ හැන්ගිලා හිටපු එක විතරයි.

මොකද දවසක් අම්මාට ගහද්ද මම කෑගහලා අඩලා එදා මගේ කට දෙපැත්ත බිඩියකින් පුච්චලා දුවන්න බැරි වෙන්න කියලා මාව උස්සන් ගිහින් ගිනි ගොඩක් ගහල කකුල් දෙක පිච්චිලා යන්න මව වඩාගෙන අල්ලන් හිටියා මට ගොඩක් අමාරු උනා අම්මා බෙහෙත් කරලා මාව බෙරගත්තේ එදා ඉදන් තාත්තා අම්මාට ගහද්දි මම හැංගිලා ඉන්නව මිස මම මුකුත් කරන්න යනේ නැහැ .

මේ තමයි මගේ ජිවත කතාව 


කන්නේත් නැතුව මම නිදාගන්න ගියේ දවල් 2ට විතර මට කන්න තියා පැදුරෙන් නැගිටිනවත් හිතක් නැහැ මම ඇස් වහාගත්තේ අයේ මට ඇහැරෙන්න එපා කියලා .



එත් කුරිරු දෛවය මට එකටවත් වාසනාවක් දුනේනේ නැහැ . රෑටත් නොකාම මට එහෙන්ම  නින්ද ගිහින්  . පහුවදා මහා පාන්දර ඇහැරිලා තාත්තාටත් නොකියාම අම්මා එක්ක ටවුන් එකට ගිහින් කඩවතට එන්න බස් එකේ නැග්ගා පැය 6ක පමන ගමන් මහන්සියෙන් පසුව මට කඩවත ටවුන් එකට එන්න පුළුවන් වුනා .


ඇත්තටම මම මෙතෙන්ට ආවාට . මාව ගන්න එන්නේ මොනවාගේ හැඩරැවක් තියෙන කෙනෙක්ද කියලාවත් මම දන්නේ නැහැ . මුදලාලි මාමා අම්මා එක්ක කියලා තිබේ අවුරුදු උත්සවයක් දවසක මගේ ජායාරූපයක් මුදලාලි මාමාගේ පෝන් එකේ වැදිලා . මුදලාලි මාමා ඒක ඒ නොනාට පෙන්වපු නිසා නොනා මාව අදුනගෙන මාගේ ලඟට එයි කියලායි . මම දැන් කඩවතට ඇවිත් පැය 2ක් ගෙවුනද මා අසලට කවුරුත් ආවේ නැත  . මං කල්පනා කරේ දැන් මම මොකක්ද කරන්නේ . මෙතනින් යන මිනිසුන් මම දිහා බලන්නේද අමුතුවටයි . මට මං ගැනම මහාත් අනුකම්පාවක් දැනුණා.



ඉතින් යලුවනේ කතාව ගැන මොකද හිතෙන්නේ . මහිමාට මොනවා වෙන්න ඇතිද , එයාගේ දෛවය කොහොම විසදෙන්න ඇතිද . මේ ගැන ඔයාලාට හිතන්න දිලා මම කතාව අවසන් කරන්නද? නැතිනම් මහිමාගේ කතාව ඔයාලාට අරගෙන එන්නද ?


අදහස් කියන්න .

No comments:

Post a Comment

🌷🌷මහිමා🌷🌷

මහිමා..... කෙල්ලේ මෙහේට වර ඉක්මනින්  ඇයි අම්මා  කෙල්ලේ උබ අතේ තියේනම් මට රුපියල් 100ක් දියන් මොකටද අම්මා මේ හදිසියේ රුපියල් සියක් ඉන්න මම අර...